Wednesday, 27 October 2010
සිංහලෙන්ම ගිටාර් ගහමුද?
මේක අපේ අවකාශේ යාළුවො සෙට් එක කරන අළුත් වැඩක්... සිංහලෙන් ගිටාර් එක වාදනය කරන්න උගන්වන වීඩියෝ ටියුටෝරියල් පෙලක්!
කවදත් අළුත් දෙයක් කරන අපේ කට්ටියට මේ වතාවෙ උදව් කරන්නේ දයාල් ප්‍රනාන්දු සොයුරා!
මේ තියෙන්නෙ හඳුන්වාදීමේ වීඩියෝව...
මේකෙ Coming soon කියල තිබුණට කට්ටිය දැනටමත් වැඩ පටන් අරගෙන...
ඉගෙනගන්න ආසකෙනෙක් ඉන්නවනං මෙන්න මෙතනට ගිහින් පදිංචි වෙලා බලන්නයි තියෙන්නේ...
පරිපාලනමය හේතු මත දැනට මෙම අඩවිය ඉවත්කරගෙන ඇති බව සලකන්න.
Tuesday, 26 October 2010
පණුවන්ට බෙහෙත්…!
"කුමාරෝ... මේං මේ පොඩි එකාව ඉස්පිරිතාලෙට අරන් පලයන්..."
ලොකු අක්ක ජනේලෙන් ඔළුව දාගෙන බෙරිහන් දෙනකොට කුමාර මෙලෝ සිහියක් නැතුව සල් ගහ යට බංකුවෙ දිගෑදිලා කකුල් දෙක සල් අත්තක තියන් බයිල රිමික්ස් එකක් අහන් හිටියේ... කොලිටි අඩු ඉයර් ෆෝන්... ඒවයෙ සද්දෙ කඩාගෙන ලොකු අක්කගෙ කෑගැහිල්ල ඇහුණා... කුමාර සල් ගහ යට බංකුවෙන් නැගිට්ට.
"ෂිට්... නිවාඩු දවසෙවත් පොඩ්ඩක් ආතල් එකේ ඉන්ඩ දෙන්නෙ නෑනේ..." කුමාරට කියවුණා...
රබර් සෙරෙප්පු දෙක කකුලෙ පටලගත්ත කුමාර හෙමින් හෙමින් ගේ දිහාට ඇදුණා...
"ඇයි මොකද මේ....? පෝය දවසෙ කියලවත් බලන්නෙ නැතුව පව් වැඩ කරනව..."
"මොකක්ද බං පව් වැඩේ.... මේ පොඩි කොල්ල ඊයෙ හවස ඉදන් බඩ රිදෙනව කියල කෙඳිරිගානව.... මූට ගිහින් බෙහෙත් ටිකක් අරන් දියං..."
ලොකු අක්ක කොස් පළුවක් කපාගෙන මදුළු ගලවනව...
"ෂික්...! මම මගේ පාඩුවෙ ඉද්දි උදැල්ල දාන එක පව් වැඩක් නෙවෙයිද? කෝ අයිය නැද්ද?"
"එයා අම්මට දානෙ අරං පන්සලට ගියෙ දැක්කෙ නැද්ද? උන්දැ හිටියනං මං උඹට කියනවද බං... මෙන්න මූව එක්ක පලයන් හොඳ එකා වගේ... තෙල් ගහන්න රුපියල් සීයක් දෙන්නං ආවම..."
ලොකු අක්කට ඕන කොහොම හරි කුමාර එක්කම පොඩි එකාව බෙහෙත් ගන්න යවන්නයි...
"මංජු ලැට් එකට ගියෙ නැද්ද?"
කුමාර ඇහුවෙ ඒක තුරුම්පුවක් කියල හිතාගෙන...
"එහෙම එකක් නෙවෙයි මං හිතන්නෙ... අසමෝදගම් බෝතලේ බාගයක්ම ඉවර කලානේ... පණුවොද කොහෙද.."
"හා හා... කෝ එහෙනං මංජුව ලෑස්ති කරල ගන්න..."
කුමාර පල්සරේ එලියට ගත්ත. කණ්නාඩිය වගේ දිලිසෙනවා... ඊයෙ හවස ඇවිත් සයිකලේ හොඳට හෝදල පිහිදල තිබ්බෙ හවස වත්සලාව බලන්න පංසල පැත්තෙ රවුමක් දාන්න. දැන් ඉස්පිරිතාලෙට ගිහින් ඇවිත් ආයෙ පිහිදන්න වෙනව...
කුමාර හෙල්මට් දෙකත් එලියට අරන් එන අතරෙ මංජුල කොට කලිසමයි ටී ෂර්ට් එකයි ගහගෙන මූණ බෙරි කරගෙන ආව...
"උඹ අඬනව හෙම නෙවෙයි පුතේ... මට බෑ උඹව නලවන්න... කෝ නගින්න පරිස්සමින්..." කුමාර පුංචි තරවටුවක් එක්ක සයිකලේ ස්ටාට් කලා...
"කෝ එන්න මංජු...."
කුමාර මංජුගෙ අතින් අල්ලන් ඕපීඩිය පැත්තට ගියා...
ඉස්පිරිතාලෙ පාළු ගතිය නිසා පෝය දවස් වලට මිනිස්සු ලෙඩ වෙන්නෙ නැද්ද මන්දා කියල කුමාරට හිතුණත් ඕපීඩිය ඇතුලෙ පුටු වල ගෑණු පිරිමි හතර පස් දෙනෙක් ඉඳගෙන හිටිය. කුමාරත් තුණ්ඩුවක් අරන් ඊලඟ පුටුවෙ වාඩි වුණා.... දොස්තර මහත්තයෙක් නං ඉන්න වගක් පේන්න නෑ...
පැය කාලක් විතර ගෙවුණා...
"නංගි දොස්තර මහත්තය දැන්ම එන එකක් නැද්ද...?" කුමාර බැරිම තැන ගිහින් තුණ්ඩු කවුන්ටරේ හිටිය නංගිගෙන් ඇහුවා... ලස්සන නංගි කෙනෙක්. ටිකක් සැර පාටයි...
"එනකල් ටිකක් ඉන්න... දැන් එයි..."
නංගි හිතපු තරම්මත් සැර නෑ...
ආයෙත් ඇවිත් ඉඳගත්ත.... ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයගෙ ඩිස්පැන්සරියනං අල්ලපු වත්තෙ. ඒක තිබුණෙ ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එකේමයි... ගරාජ් එකේ පැත්තක් ලෑලි වලින් වෙන් කරල තමයි එක හදල තිබුණේ... ගියානං දැන්ම බෙහෙත් ගන්න තිබුණ... ඒත් රුපියල් දෙසීයක්වත් එපැයි ඒකෙන් බෙහෙත් ගන්න...
කුමාර ටිකක් ඉස්සිල ජනෙල් පියන් අතරින් අල්ලපු වත්ත දිහා බැළුව... ලොකු මහත්තය එතන බෙහෙත් දෙනව වෙන්න ඕන... දෙතුන් දෙනෙක් ක්වාටස් එකේ ගරාජ් එකේ බංකුවෙ ඉඳගෙන ඉන්නව කුමාරට පෙණුන... දෙවෙනි වතාවෙ බලද්දි හන්දියෙ ප්ලාස්ටික් මාළ වළලු කඩේ සුමියගෙ නෝන පොඩි එකීවත් උස්සගෙන එළියට එනව දැක්ක...
තවත් විනාඩි දහයක් පහලොවක් විතර ගෙවුණා...
දෙවෙනි දොස්තර මහත්තය මෝටර් සයිකලේ ඇවිත් පෝටිකෝවෙම සයිකලේ නතර කරල ඇතුලට ආව... අද එයා වෙන්න ඕන වැඩ බලන්නේ... කොහොමත් ඒ මහත්තය පැයකට දෙකකට සැරයක් ඇවිත් ඕපීඩී එකේ ඉන්න ලෙඩ්ඩු ටික බලල යනව. එයාගෙ ඩිස්පැන්සරිය නං තිබුණෙ ටවුමෙ කන්නංගර මාවතේ උඩහට වෙන්න... කිලෝමීටරයක්වත් නැති නිසා ඒ දොස්තර මහත්තයට එහෙම කරන එක ලේසි වුණා... කොහොමත් ගමේ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු හැම වෙලේම නැති එකේ නිකං කාමරේට වෙලා ඉඳල වැඩකුත් නෑනේ...
තවත් විනාඩි දහ පහලවකට විතර පස්සෙ කුමාරට මංජුව තල්ලු කරගෙන දොස්තර මහත්තයගෙ කාමරේට යන්න පුළුවන් වුණා...
දොස්තර මහත්තයත් පොඩි එකාගෙ බඩ මිරිකල නලාවෙනුත් බලල බෙහෙත් ලියල දුන්නා...
"පණුවො තමයි... මේ බෙහෙත ඔය කියල තියෙන විධියට තුන් වේලක් අරන් බලන්න ඕන හොඳේ..."
"හොඳමයි..."
කුමාර මංජුවත් එක්කන් එලියට ආව. ඕපීඩී එකේම මංජුව ඉන්දවල බෙහෙත් දෙන කවුන්ටරේට ගියා. කලින් බෙහෙත් ගත්තු කීප දෙනා එතන පෝලිමේ හිටගෙන...
"කෝ ඩිස්පැන්සර් මහත්තය නැද්ද...?" බෙහෙත් දෙන තැන කවුළුවෙන් ඇතුලෙ කවුරුවත් පේන්න නොහිටපු නිසා කුමාර ඉස්සරහින් හිටපු මැදිවියේ කාන්තාවගෙන් ඇහුවා...
"දැන්ද කොහෙද කෑමට ගිහින් ආවේ... අත් සෝදන්ඩ ගියා මයෙ හිතේ..."
ආයෙත් එතන තව වෙලාවක් පෝලිමේ ඉන්න කුමාරට සිද්ධ වුණා... අන්තිමේ දොස්තර මහත්තය මංජුලට ලියපු බෙහෙත් තුණ්ඩුව කවුන්ටරේට දුන්නා...
"මේක නං හෙට තමයි ගන්න පුළුවන්"
ඩිස්පැන්සර් මහත්තය තුණ්ඩුව යකඩ කූරෙ ගැහුවා...
"ඇයි මහත්තය බෙහෙත් නැද්ද?"
"බෙහෙත් තියෙනව... ඒ වුණාට ඉතිං පෝය දවසට පණු බෙහෙත් දෙන්න හොඳ නෑනේ..."
"එහෙමත් එකක්ද?" කුමාරගෙ කට කොණට හිනාවක් ආව...
"එහෙමත් එකක්ද අහන්නේ..? එහෙම තමයි.... දැන් ගිහින් හෙට ටිකට් එක අරන් ඇවිත් බෙහෙත් ගන්න..." ඩිස්පැන්සර් මහත්තයටත් හිනාවක් ගියා...
"ඉතිං මහත්තයො බෙහෙතුත් තියෙනවනං ආයෙ හෙට එන්න ඕන නෑනේ...." කුමාර ටිකක් බැගෑපත් වුණා... එහෙම නොවී වැඩේ වෙන පාටක් නෑ... මේ මනුස්සය විහිළු කරනවද කවුද දන්නේ...
ඒත් ඩිස්පෙන්සර් මහත්තයත් එයාගෙ එතික්ස් වලටයි වැඩ...!
"කිව්වම තේරෙන්නෙ නැද්ද මහත්තයෝ... පෝය දවස්වලට පණු බෙහෙත් නිකුත් කරල පවු පුරවගන්නද කියන්නේ...? හෙට ටිකට් එක අරන් එන්න. බෙහෙත් තුණ්ඩුව මං ගාව තියාගන්නවා..."
ඩිස්පැන්සර් මහත්තය කරන්නෙ විහිළුවක් නෙවෙයි කියල කුමාරට හොඳටම පැහැදිලියි... කරන්න දෙයක් නෑ...
කුමාර ආපහු මංජුල ගාවට ගියා...
"මාමෙ අපි යමු? දැන් රිදෙනවා ටිකක් අඩු වෙලා...." මංජුල එහෙම කිව්වෙ එතනින් පැනගන්න ඕනවට මිස ඇත්තටම රිදිල්ල හොඳ වුණ නිසා නෙවෙයි කියල මූණ බෙරි වෙලා තියෙන හැටියෙන් කුමාරට තේරුණා. පැයක් විතර ඉස්පිරිතාලෙ රැඳිල ඉඳල පොඩි එකා හිටියෙ හෙම්බත් වෙලා...
කුමාර පර්ස් එක අතට ගත්තා... රුපියල් සීයෙ කොල තුනකුයි පණහෙ කොලේකුයි තියෙනවා... දවස් හතරකින් පඩි හම්බවෙනකල් සයිකලේට තෙල් ගහන්න තියෙන්නෙත් ඔච්චරයි...
"මොකද කරන්නේ....???" කුමාර කල්පනා කරමින්ම මංජුගේ මූණ දිහා බැලුව... ඌ තාමත් මූණ ඇඹුල් කරගෙන සයිකලේ දිහාව බලන් හිටියෙ ඉක්මනට ගිහින් ඒකෙ නැගල මෙතනින් පැනල යමු කියන්න වගේ...
ඒත් පොඩි එකා ඉන්නෙ වේදනාවෙන් කියල කුමාරට තේරුණ...
"අපි බෙහෙත් අරගෙනම යමු..."
කුමාර මංජුලගෙ අතින් අල්ලන් ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එක පැත්තට ගියා...

පන්සලේ සිල් ගන්න අයට දානෙ අරන් ඉස්පිරිතාලෙ ඉස්සරහින් ගිය උපාසිකාවො දිහා බල බල කුමාර ඉස්පිරිතාලෙට ඇතුල් වුණා... පෝය නිසා ඉස්පිරිතාලෙත් පාළු වෙලා... වැඩ කරන එවුනුත් නැද්ද මන්දා... හැමදාම බුදු මැදුර ඉස්සරහ වැලි මිදුලෙ ඉන්න බලු නඩේ නං අද අඩු වෙලා එකෙක් දෙන්නෙක් වැතිරගෙන හිටියා... අනිත් එවුන් දන් සුවඳ එක්ක පන්සලට ගිහින් වෙන්න ඇති....

Sunday, 24 October 2010
ගනේගොඩ අයියාට FM එකෙන් පොත්…!
උදේ ඉඳන් වැස්ස... පොත් ප්‍රදර්ශනේ බලන්නත් කට්ටිය අද දවස වෙන් කරගෙනයි හිටියෙ. ඒත් වැස්ස ඇවිත් අපි ඒකට යන්න යොදාගත්තු වෙලාව පරක්කු කරන්න අරන් තිබුණා. හැමෝම වැස්සෙන් හිර වෙලා හිටිය.
මම ගනේගොඩ අයියත් එක්ක කදේක වැටිල එයාගෙ යන්තරෙන් බ්ලොග් අස්සෙ ඇවිදිමින් හිටිය. මාරුවෙන් මාරුවට දුමක් එහෙ මෙහෙ ගියා...
"මචං හර්ෂ උඹ දැන් යන්නෙ BMICH විතරද?" ගනේගොඩ අයිය ඇහුව...
"ඇයි වෙන කොහෙවත් යන්න ඕනද? මේ වැස්ස නිසා සේරම අප්සෙට්නේ.."
"නෑ බං අර FM එකෙන් අහපු ප්‍රශ්ණෙකට උත්තර දීල දයාවංශ එකෙන් රුපියල් දාහක පොත් ගන්න පුළුවන් මට... දයාවංශලගෙ ස්ටෝල් එකක් BMICH එකේ තියෙනවනං එතනින් ගන්න පුළුවන්නේ... මට ආයෙ මරදානෙ යන්න කම්මැලියි බං ඕකටම කියල"
"මම දන්න තරමින් මේ පාර දයාවංශලගෙ ෂොප් එකක් නෑ ප්‍රදර්ශනේ... එයාල වෙනම එකක් කරනවලු මරදානෙම"
"අපරාදෙ බං චාන්ස් එක... "
"හි හි... දැං FMවලටත් උත්තර දෙනවද? මොකක්ද අහපු ප්‍රශ්නේ...?"
"නිකං බං... මම කෝල් කලේ කරලම නැති නිසා... උන්ට කවුරුත් කතා කරන්නෙ නැද්ද කොහෙද එක පාරම කනෙක්ට් වුණා... අනිත් එක මං දුන්න උත්තරේ වැරදියි බං... ඒක උත්තරේ කිව්වටත් පස්සෙයි මට මීටර් වුණේ... ඒ වුණාට උං කියනව ඒක හරි කියල..."
"මොකක්ද ඉතිං ඇහුවේ...?"
"දුම්රිය එන්ජිම සොයාගත්තේ කවුද? කියලයි ඇහුවේ... මං කිව්ව ජෝජ් ස්ටීවන්සන් කියල..."
පොඩි කාලෙ පාඩම් කරපුව හරි නම් ජෝජ් ස්ටීවන්සන් හොයාගත්තෙ වාෂ්ප එන්ජිම... දුම්රිය එන්ජිම හොයාගත්ත කෙනාගෙ නම විධියට තිබුණ නම නම් මට පොඩ්ඩක්වත් මතක තිබුණෙ නැතත් ඒ ජෝජ් සිටීවන්සන් නම් නෙවෙයි කියල දැනං හිටිය.
"ඉතිං උන් මොකද කිව්වේ...?"
"උන් කිව්ව ඒක හරි කියල... මගෙ ෆෝන් නම්බරෙයි ID නම්බරෙයි ලියාගෙන පැයකින් විතර කතා කරල කිව්ව සතියක් ඇතුලත ID එකත් අරන් දයාවංශ එකට එන්න කියල..."
"හි... හි..."
"ඔව් බං... මං එකටම කිව්ව මගේ උත්තරේ වැරදියි කියල දෙවෙනි පාර කතා කලාම... උන් කියනව ඒක හරිලු.. ඇවිත් තෑග්ග ගන්නලු."
"එහෙනම් ඕක ගමු කොහොම හරි... මොකද අඩු ගානෙ හොඳ පොත් දෙකක්වත් ගන්න පුළුවන් වෙයිනේ..."
"මට යන්න කම්මැලියි බං... උඹ BMICH යනවනෙ දැන්... එතන තියෙයිද දන්නෑනේ..."
"ඕන නං නම්බරයක් හොයාගෙන කතාකරල බලමු..."
මම ජාලය පීරල දයාවංශලගෙ නම්බරේ හොයල දුන්නත් ඒක වැරදි අංකයක් වුණා.. ඊට පස්සෙ පොත් සම්බන්ධව ඕන එකක් ඇහුවම කියන ෂෝයි ළමයෙක්ට කෝල් එකක් දුන්නම එයා ඒ වෙලේම රාක්කෙ තිබුණ දයාවංශලගෙ පොතකින් අංකය හොයල දුන්න...
ගනේගොඩ අයිය කතා කලා...
"හලෝ.... මම මේ පෙරේද අර FM එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර දුන්න කෙනා කතාකරන්නෙ... මට ඔයාලගෙන් රුපියල් 1000ක වවුචරයක් ගන්න තියෙනවා. ඒ ගැන කතා කරන්න පුළුවන් කාටද?"
මම හිතන්නෙ අදාල තැනට ඇමතුම යන්න ඇති...
"ආ... හලෝ.. මම අර FM එකට උත්තරේ දීල තෑග්ග ගන්න තියෙන කෙනා කතා කරන්නේ... ඔව් ඔව්... පෙරේද තමයි... මේකයි මල්ලි... ඔයාලගෙ ස්ටෝල් එකක් නැද්ද BMICH එකේ... හා.. නැද්ද... ආ... ඇවිත් නැද්ද... හරි මල්ලි.... ආ... මේ මල්ලි තව එකක්... ඔහෙට වහිනවද?"
ෆෝන් එක තිබ්බා හිනාවීගෙන..
"උන් දන්න කෙහෙල්මලක් නෑ බං... දෙවෙනියට කතා කරපු එකා කියනවා FM එකෙන් තාම ලිස්ට් එක ඇවිත් නෑ කියල... ඌ නිකං උගෙන් යනව වගේ කතා කලේ.... මම වැස්සද කියල ඇහුවම ෆෝන් එක තිබ්බා..."
"එහෙනං ඕක අතෑරල දාමු. දීපු උත්තරෙත් වැරදියිනේ...'
"ඒක තමයි බං..."
ගනේගොඩ ආයෙත් ගිණි පෙට්ටිය හෙව්වා...
මේ සටහන ලියද්දි මම දුම්රිය එන්ජිමේ නිර්මාතෘ කවුද කියල හොයන්න උත්සාහ කලත් මට පැහැදිලි නමක් හොයාගන්න වුණේ නෑ... දුම්රිය එන්ජිම කියන්නෙත් කෙමෙන් සංවර්ධනය වුණ දෙයක් නිසා එක නිර්මාපකයෙක් නැති බව තමයි අන්තිමේ තීරණය වුණේ. ජෝජ් ස්ටීවන්සන් කියන්නෙත් වාෂ්ප එන්ජිමේ එක සාර්ථක පියවරක් ඉදිරියට ගත්තු පුද්ගලයෙක් කියලයි සඳහන් වුණේ...
කොහොම හරි අපට FM එකෙන් පොත් හම්බවුණේ නෑ අන්තිමට... මම 10.30ට විතර BMICH එන්න පිටත් වුණා... ගනේගොඩ අයිය එයා ගාව තිබුණ පොතක් එක්ක ඇඳේ ඇලවුණා...

....................................

Tuesday, 19 October 2010
කම්කරුවාගේ ණය අයදුම්පත
“පුළුවන් දෙයක් කරල දෙන්න සර්...”
රත්නපාල ණය අයදුම්පත මගේ මේසෙ උඩින් තිබ්බා...
ඔහුගේ මුහුණේ තිබුණෙ යටහත්පහත් බවයි, බයාදුකමයි එක්ක මුසු වුණ හිනාවක්. ජීවිතේ දශක පහකට ආසන්න වෙන්න ගෙවපු මනුස්සයෙක්ට වඩා වයස්ගත බවක් ඔහුගෙ මුහුණෙන් පෙණුන.
“මට ඉතිං මේක අනුමත කරන එක තීරණය කරන්න බෑනේ....”
මම කෘතිම හිනාවක් එක්ක වැටුප් ලේඛණය අතට ගත්තා.
“පඩියෙන් සීයට හතලිහ ඉක්මවද්දි ණය වලට කපල යවන්න බෑනෙ රත්නපාල...”
“සීයට හතලිහ යනවද සර්...?”
“ඉන්නකෝ බලන්න... ම් ම්... පනිනව නේන්නම්.... මොකද කරන්නේ...?”
“අනේ සර් පුළුවන් දෙයක් කරල දෙන්න...”
“මට මොනවද කරන්න පුළුවන්? මම කරන දේටත් සීමාවක් තියෙනවනේ...”
“පුළුවන් නම් එකවුන්ටන් සර්ට කතා කරල බලන්න සර්... දුවගෙ කසාදෙ ලබන මාසෙ තියෙන හින්දයි සර් මේ ලෝන් එක දාන්නේ...”
“ඔහොම ඉන්නකෝ ටිකක්”
මම ගණකාධිකාරිගේ කාමරයට එබුණා. මම දැණගෙන හිටිය ඒ වෙද්දිත් ඔහු ප්‍රධාන අධ්යක්ෂ කාර්යාලයේ රැස්වීමක බව. ඒත් කාමරයට නොඑබී රත්නපාලට කටින් ඒක කිව්වට විශ්වාස කරන්නෙ නෑ...
“සර් නං නෑ රත්නපාල... රැස්වීමක... පුළුවන් නම් එනකල් ඉන්න”
“හා සර්...”
දෙකට නැමිල ගෞරවය උපරිමව දක්වමින් ආපහු ණය අයදුම්පත ගත්ත රත්නපාල අපේ අංශයෙන් පිටත සේවාදායකයන්ගෙ පුටු තිබුණ පැත්තට ඇදුණා.
මම මේ කාර්යාලයේ රාජකාරි ආරම්භකරල වැඩි කාලයක් නැතත් රත්නපාල කියන සාමාන්‍ය කම්කරු තනතුරේ වෘත්තිකයා මම හොඳට දැනගෙන හිටිය. මම රාජකාරි කරපු පරිපාලන කාර්යාලය යටතේ තිබුණ උප කාර්යාලයක සේවය කරපු ඔහු එම කාර්යාලයේ සියළුම සේවකයන්ගෙ රාජකාරිමය අවශ්‍යතා වෙනුවෙන් මගේ කාර්යාලයට නිතර පැමිණියා. ඔහුගේ රාජකාරි සගයන්ගෙ සියළු දුක්ගැනවිලි වාර්තා කලේ ඔහු. ඒ පැමිණි හැම වෙලේම තමන්ගෙ දරුවන් දෙදෙනා ගැනත් ඔහුට තේරෙන දේශපාලනය ගැනත් වචනයක් දෙකක් කියවන්න ඔහු පුරුදු වෙලා හිටිය. මම මගේ වැඩේ කරමින් වුණත් ඔහුට ඇහුම්කන් දුන්න නිසා (අඩු තරමෙ එහෙම පෙන්නපු නිසා) ඔහු මාව ගෞරවණීය මිතුරෙක් කරගත්ත. වෙන නිලධාරියෙක් හමුවෙන්න පැමිණියත් ඔහු මට වචනයක් කතා කරල යන්න අමතක කලේ නෑ. මාසෙක දෙකක ඉඳන් ඔහු ඔහුගේ දියණියගේ විවාහය වෙනුවෙන් වෙහෙසුණා.
සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක්ගෙ වැටුපෙන් ණය සඳහා බැංකුව වෙත යවන්න පුළුවන් වෙන්නෙ ඔහුගේ වැටුපෙන් සියයට හතලිහක උපරිමයක් විතරයි. ආයතන සංග්‍රහය කියල අපි පාවිච්චි කරපු නීති පොතේ මේ බව පැහැදිලිව කියල තිබුණ. ඒ නිසාම කෙනෙක්ගෙ මූලික වැටුපෙන් සියයට හතලිහ ඉක්මවල ණය වාරික යවන්න අනුමත වෙන්නෙ නෑ කොහොමත්...
මාසෙකට රුපියල් දොලොස්දාහක මූලික වැටුපක් අරගන්න රත්නපාලගේ වැටුපෙන් දැනටත් සියයට හතලිහේ සීමාව සුළු ගණනකින් ඉක්මවල ණය සඳහා කැපෙමින් තිබුණ.
රාජකාරිය නීතියට කරනවද නැත්තං මනුස්සකම වෙනුවෙන් කරනවද කියන එක හැමදාම උහතෝකෝටිකයක්...
වතාවක් එක උසස් නිලධාරියෙක් තමන්ගෙ කතාවකදි ඔහුටත් අහන්න ලැබුණ කතාවක් කිව්ව. ඒ අනුව ලංකාවෙ රාජ්‍ය සේවකයෝ වර්ග තුනක් ඉන්නව. එක් වර්ගයක් කිසිම වැඩක් කරන්නෙ නෑ... ඔවුන් හදන්නෙ පුළුවන් තරම් වැඩේ නොකර ඉන්න. අනිත් වර්ගය වැඩ කරනවා. ඒත් නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන්න යාම මත ඔවුන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑ... අනිත් පාර්ශවය කොහොම හරි වැඩේ වෙන තැනට වැඩ කරන අය. ඔවුන් නීතියේ සිදුරු වලින් රිංගල හරි වැඩේ කරන්න උත්සාහ කරන අය.
මට ඕන වුණේ ඔය තුන්වන කණ්ඩායමේ ඉන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ... හැම වෙලාවෙම අභ්‍යන්තර කැපිල්ල එක්ක පරෙස්සම් වෙන්න වෙනව. වරදිනකල් බලන් ඉන්න අර මුල් කණ්ඩායමේ අය ඉන්නව. ඒ මදිවට විගණන විමසුමක් වගේ දේකදි මොන දේ කිව්වත් වරද වරද විධියට අරන් අර නීති පොත් වල වගන්ති අතර අපව හිර කරල රස්සාවත් නැති කරන තත්ත්වයක් තියෙනව.
වචන ගොඩක් ලියවුණ රෙගුලාසි පොත් දෙකක් මගේ මනුස්සකම කියන එක දෙපැත්තෙන් තෙරපන්න අරන් තිබුණ.
“එකවුන්ටන් සර් ඇවිල්ලද සර්?”
රත්නපාල ආයෙත් මගෙ මේසෙ ගාව හිටගෙන.
“ආ.. ඔව් ආවා... ගිහින් කතා කරල බලන්න”
මට සිදුරක් විධියට පෙණුනෙ ගණකාධිකාරීගෙ කාර්යාලයේ යතුරු සිදුර.... ඔහුගේ අනුමැතිය මගේ සීමාව ලිහිල් කරන බව මම දැනගෙන හිටිය.
රත්නපාල හෙමින් හෙමින් ගණකාධිකාරිගේ කාර්යාලය පැත්තට ගියා...

.........................

Monday, 18 October 2010
ආදරයක් වෙනුවෙන්… සතුටින් ඉතිරී..
අපි පන්තිය අවසන් වෙලා හෙමින් හෙමින් පාර දිගේ ගියේ එදා දවසෙ ඉස්කෝලෙදි වුණ සිදුවීම් ගැන කතාවක් එක්ක. පන්තියට ආපු එක එක ඉස්කෝල වල ළමයි අතරෙ ඈත් ඇගේ යෙහෙළියන් කණ්ඩායමත් අපට ඉදිරියෙන් යමින් හිටිය. ඉස්කෝලෙ ඇඳුම් වලට දෙගුණ වුණ සුන්දරත්වයක් එක්ක උන් හිනා වුණේ පිටිපස්ස බලමින් අපි ගැන කතා කරමින් කියල අපට තේරුණ.
මම හිටියෙ මට පිටුපාගෙන ඉදිරියෙන් යමින් හිටපු ඈ දෙස බලාගෙන... තව වංගු දෙකක් පහුවුණ ගමන් ඇයටත් මටත් තනිව කතාකරන්න තියෙන දේවල් ගැන හිතමින්... හැමදාම වගේ කියන්න ඕන කියලා හිතාගෙන එන දේවල් මට අදත් අමකත වෙන්න අරන්. ඊයෙ රෑ කරුණු විධියට මතක තියාගත්තු එකක්වත් දැන් මට මතක නෑ...
මම ඇගේ මිතුරියන් දිහා බලන්න ගත්තා... කෙලිලොල් වියේ යෞවනය තමයි ඔය...
ඇගේ මිතුරියන් සියළු දෙනාට පෙම්වතුන් හිටිය නිර්මලීට හැර...
මගේ වම්පසින් ගමන්ගත්තු සංජුල හැර මගේ අනෙක් මිතුරන් හැමෝමත් පෙම්සුව විඳිමින් හිටිය එක එක මට්ටම්වලින්...
“සංජු උඹට අරය ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද බං?”
මම නිර්මලීව පෙන්නල සංජුට තට්ටුවක් දාල ඇහුවා...
“අනේ බං මම කවදාවත් එයා ගැන හිතල නෑ...”
“උඹට හිතුණ දවසක කියහං. ඒකි හොඳ කෙල්ලක්...”
එතනින් පස්සෙ අපි වෙන්වෙන හන්දියට යනකල් අපි අතරෙ කතාවක් ඇති වුණේ නෑ... යාළුවෝ සේරම එක පැත්තට වෙන්වුණා... මමයි ඇයයි අපි යන පාරට වැටුණා...
සති කීපයක් ගෙවුණා. ආයෙත් අපට පන්ති තියෙන දවසක්... ඉස්කෝලෙදි සංජු මට කිට්ටු වුණා...
“හර්ෂ, මචං අරයට කොල්ලෙක් නැද්ද ඇත්තටම?”
කොල්ල ඇහුවෙ හෙණ ලැජ්ජාවෙන් වගේ...
“උඹට එයා ගැන හිතුණද අන්තිමේදි....? නෑ.. නෑ... මම දන්න තරමින් අහලකවත් නෑ... මොකද උන් සෙට් එකේ සංගමේ අනුමැතිය අනුව තමයි කොල්ලො approve වෙන්නේ... ඉතිං ඉන්නවනං මම දන්නවා...”
“උඹ කතා කරල බලනවද උඹේ එක්කෙනා එක්ක?”
“හරි මම කතා කරන්නම්... ඒත් ඉතිං ඒක උඹ ඒකිගෙන්ම ඇහුවනම් ඉවරයි...”
“ඉස්සෙල්ල හොයල බලමු”
සංජු මගේ බයිසිකලේ ගත්තා... මම නැග්ග ඒකෙ බාර් එකට... මාවත් දාගෙන සංජුවා පැද්දා නිර්මලී ගෙදර යන පාර දිගේ... එයා එයාගෙ ලැසි ගමනින් හෙමින් හෙමින් යමින් හිටිය. සංජු එයා ගාවදි බයිසිකලේ තිරිංග තද කලා...
“ඔයාගෙ ජීවිතේට වසන්තය ඇවිත් තියෙනවද නිර්මලී”
මම කෑ ගැහුවා... නිර්මලී බය වෙලා වගේ... අපි දිහා බලාගෙන පාර මැද ගල් පිළිමයක් වෙලා...
“ඔන්න මම වසන්තය අරන් ආවා”
සංජු බයිසිකලේ මගෙ අතට දීල නිර්මලී ගාවට ගියා... මම උන් දෙන්නට යන්න දීල පැත්තකට වුණා...
ඊට පස්සෙ ගෙවුණෙ අවුරුදු කල්පයක් තරම් දිග කාලයක්... ඒ කාලෙදි වරින් වර කොළඹ රොටරියෙදි සක්යා සහ නුගේගොඩ ගම්සභා හන්දියෙන් හැරිල යන පාරෙ පන්සලේ ටියුෂන් පන්ති වලදි සංජුගෙයි නිර්මලීගෙයි ආදර කතාව ගලාගෙන ගියා... වතාවක් කඳුළු, තව වතාවක් හිනාව...
අතරින් පතර මම ඒ දෙන්නගෙ කතාව පැත්තකින් අහගෙන හිටියා... කැමතියි අකමැතියි... ජීවිතේ සරල රේඛාවක් නෙවෙයි...
ආදරේ, අධ්‍යාපනේ, ජීවිතේ හැමදේම අවබෝධ වෙමින් ගෙවපු කාලයක මගේ ජීවිතේ පැත්තක බිත්තියක් පාමුල ඉඳගෙන මේ දෙන්න එයාලගෙ ආදර කතාව ලියමින් හිටිය...
සංජු විශ්ව විද්‍යාලයට ගියා...
නිර්මලීට හොඳ රස්සාවක් හම්බ වුණා...
අළුත් යාළුවො, අළුත් වාසස්ථාන සහ අළුත් පෙම්වතියන් එක්ක මම ටික ටික ඒ අයගෙනනුත් තවත් බොහෝ දේවල් වලිනුත් ඉවත් වුණා... මම වෙනත් මාර්ගයක මගේ ගමන යමින් හිටිය...
අතරින් පතර ගමේදි සංජු හමුවුණ වෙලාවලදි ඒ දෙන්න හොඳින් ඉන්න බව ආරංචි වුණා...
අද දවල් මට නොදන්න අංකයකින් ඇමතුමක් ආව.
“හලෝ...”
“හර්ෂ?”
“ඔව්...”
“මම මේ සංජුල. ඔයා ගෙදරද ඉන්නේ?”
“හප්පා... මම නං දැන් ඔෆිස් එකේ... මේ දවස්වල ඉරිදත් වැඩ... ඇයි ඇයි?”
“හවස කීය වෙයිද ගෙදර යද්දි?”
“මම කොහොමත් පහමාර හය වෙද්දි ගෙදර යනවා... ඇයි?”
“හරි මම එන්නම් ඒ වෙලාවට”
“හා හරි.. අවුලක් නෑ...”
“හරි එහෙනම් තියන්නං”
හවස හයයි කාල වෙද්දි සංජු අපේ ගෙදර ආවා.
“මම මේ ආවෙ උඹට මුලින්ම ආරාධනාව කරන්න”
සංජු මගේ අතට කවරයක් දුන්නා.
“හිහ්... මට හිතුණා ඔහොම එකක්! තැංක් යූ...”
මට දැණුනේ කියන්න බැරි තරම් ලොකු සතුටක්...
“ඔයාට සෑහෙන්න වගකීමක් තියෙනවනේ.. ඒ නිසා මුලින්ම කියන්න ඕන කියල හිතුවේ... එන්නම ඕන හරි”
“අවුලක් නෑ එදාට එන්න පුළුවන්...” මම කැලැන්ඩරේ බලල කිව්ව...
අපි දෙන්න හරි බරි ගැහිල ලොකු කතාවක් පටන් ගත්ත.
සංජු ගිය වෙලේ මට හිතුණෙ මේ ගැන ලියන්න ඕන කියලා... ඒ මේ ලෝකෙ ප්‍රේමය සපථ කරගෙන ඒක විවාහය දක්වා අරන් ගිහින් සතුටින් පවත්වගන්න පෙම්වතුන් වෙන්වෙන්... ඒ වගේ විවාහය දක්වා යන ප්‍රථම ප්‍රේම ගොඩක් අඩු එකේ මේ අවස්ථාව ගොඩක් විශේෂයි.. ඒ නිසා මම මේ සටහනින් සුභ පතනවා ඔවුන් දෙදෙනාට සුභම සුභ යුග දිවියකට...
ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...

...........................

ඕං කමිං! |
ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...
Wednesday, 13 October 2010
ආදරය සහ කසිප්පු...
ගමේ හැමෝම ලීල ආච්චිට ලීල අක්කය කිව්වට අපේ ආච්චිට තරම්ම වයස නිසා මම කිව්වෙ ආච්චි කියලා.
සති දෙක තුනකට විතර සැරයක් කුමාර අයියලගෙ ගෙදර නැවතෙන දවස්වල කුමාර අයියත් එක්ක බයික් එකේ ගම වටේ රවුම් ගහද්දි එයාට අඩියක් ගහන්න ඕන වුනාම යන්නෙ ලීල අක්කගෙ කසිප්පු තිප්පොලට. මම සිගරට් එකක් දල්වගෙන එතන ඉන්න මිනිස්සු දිහා බලාගෙන ඉද්දි ලීල ආච්චි කට්ටියට මෙගා බෝතලේකින් වීදුරුවලට වක්කරල දුන්නා...
ඒ අතරෙ වතුර එක උණු වුනාම මට හම්බ වෙනව රස ප්ලේන්ටියක්. ඒකෙන් බාගයක් බීල ඉතිරිය ලීල ආච්චිට දෙන්නෙ ඒක අපි දෙන්න අතර පුරුද්දක් වෙලා තිබුණ නිසා. බුලත් කහට රැඳුණ දිරාපත්වුණ දත් එලියට දාල හිනා වෙන්න පුළුවන් උපරිමෙන්ම හිනාවෙලා තමයි මගේ අතින් තේ එක ගන්නෙ... එහෙම වෙලාවට හිතන්න බෑ ලීල ආච්චි ගම දෙවනත් වෙන්න කුණුහරුපෙන් මිනිස්සුන්ට බණින ගෑණියෙක් කියල... ඒ ඒ ප්‍රශ්ණ වලට ඒ ඒ විසඳුම් කියන තියරිය එයා ජීවිතෙන් ඉගෙනගෙන තිබුණා... එහෙම නොවී කසිප්පු වාඩියක් පාලනය කරන්න බෑ පිරිමියෙක්ටවත්...
තේ එක කියන්නෙ අපි දෙන්නට කතාවට ඉඩ සලසන අවස්ථාවක්...
'වැඩේ නැගලම යනව නේද?' මම අහන්නෙ කොතනින් හරි කතාව පටන්ගන්න ඕන නිසා...
'අපෝ නෑ හර්ෂ මල්ලි... ගිය සතියෙත් ලොකු පුතා පොලීසියෙ දවසක් හිටිය'
ලීල ආච්චිගෙ ලොකු පුතා තමයි බිස්නස් එක පැත්තකින් අරන් ගියේ. මාරුවෙන් මාරුවට ලීල ආච්චියි ලොකු පුතයි හිරේ හිටිය. පොඩි පුතත් වාරෙන් වාරෙට කන්ස විකිණුව. කට්ටියම කලේ පොලීසියෙන් පන්නන රස්සාවල්...
'පොලීසියෙන් හැම වෙලේම පන්නනවද?'
'එහෙම නෑ ඉතිං... කට්ටිය ඉන්නවනෙ කියන්න... පොලීසියෙන් එනව වගේ සැක තියෙනවනම් කෝල් එකක් එනවා... එතකොට කෑන් එක හංගන්න ඕන' ආයෙත් කට පුරා හිනාවක්...
'එහෙනං ඉතිං ගිය පාර අහුවුණේ කොහොමද?'
'පොලිසියෙන් සිවිල්නෙ මල්ලි එන්නෙ. ඔය ණයට බඩු ඉල්ලල හම්බුන්නැති අළුගුත්තේරුවෙක් ටිප් එක දෙන්න ඇති...'
'ඉතිං හෙන බයෙන්නෙ වැඩේ කරන්න වෙන්නේ...'
'මේ බිස්නස් එක එහෙම තමයි. නීති විරෝදීනෙ මොනා වුණත් ඉතිං... පොලිසිවල උන්ට ගාන දුන්නනම් කාලයක් ඉන්න පුළුවන්.... ඒත් උං ඉතිං හිතුණ වෙලාවට පණිනව'
......................
ලීල ආච්චි එක්ක මගේ සම්බන්ධය බිඳුණ මම මගේ රැකියාව මාරු කරල පැමිණීමත් එක්කම... මාස දෙකකට විතර කලින් ලීල ආච්චි ආයෙම මට හම්බවුණා. එයා කුමාර අයියලගෙ ගෙට එහා පැත්තෙ ගෙදර වත්තෙ සිලි බෑග් එකකට මල් කඩනවා. අවුරුදු දෙකකින් මාව දැකල නොතිබුණත්, කොණ්ඩෙ කොටටම කපල මගේ ස්වරූපය වෙනස් වෙලා තිබුණත් එයාට එකපාරම මාව අඳුණගන්න පුළුවන් වුණා.
'ආ හර්ෂ මල්ලී...'
'හප්පා... කොහොමද ඉතිං... වයසට ගිහිල්ලා...'
'ඔහෙ ඉන්නවා... මේ.. පන්සල් යන්න හවසට'
ඇගේ හිනාව නම් වෙනස් වෙලා තිබුණෙ නෑ...
'ෂා... හොඳයි හොඳයි... කළු අයිය එහෙම ඉන්නවද?'
'එයා තමයි දැන් දිගටම වැඩේ කරන්නේ... මම ඒක නතර කලානෙ'
'අර මොකෝ...?'
'දුවට රස්සාවක් හම්බවුණා... අනික මේ වයසට බයෙන් බයෙන් ඕව කරන්න බෑ මල්ලි'
.......................
ළඟදි ආරංචි වෙන නිව්ස් වල හැටියට දැන් පෙම් කරන්නත් නීතියෙන් තහනම් වෙලා... ජීවිතේම ප්‍රශ්ණයක් වුණ පෙම්වතුන් යුවලක් එකිනෙකා එක්ක ජීවිතේ ප්‍රශ්ණ නැති මොහොතක් ගතකරන එක නීතියට ප්‍රශ්ණයක්... එක මකුණෙක් කෑවම දඬුවම් ලැබෙන්නෙ සනුහරේටමයි කියන එක පෙම්වතුන් දැනගන්න ඕන කාරණයක් වුණාට ඒක දැනගත්තත් තමන්ට දැණෙන ප්‍රේමය විඳගන්න පෙම්වතුන්ට කිසිම විකල්පයක් නෑ...
ඒ පැත්තෙන් සංස්කෘතිය, තව පැත්තකින් පොලිසිය සහ තව කාලෙකින් ත්‍රිවිධ හමුදාවම, තව පැත්තකින් දෙමව්පියෝ, අනිත් පැත්තෙන් කවදාවත් ආදරේ නොකරපු කුහක මිනිස්සු, පෙම්වතුන්ට තමන් හැර වෙන අතක් නෑ...
ඒත් දැන් ආදරය කියන්නෙ බයෙන් බයෙන් කරන්න ඕන දෙයක් වෙලා...
දැන් ආදරේ කරන එකත් ලීල ආච්චිගෙ කසිප්පු බිස්නස් එක වගේ....

Monday, 11 October 2010
චන්ද්‍රයන් තුනක් එක්ක බෝගහකුඹුරට...
මම මගේ රාජකාරියට කැමති එක හේතුවක් තමයි ඒක නිසා මට රාජකාරි ගමන් විධියට දිස්ත්‍රික්කයේ එක එක පැති වල ගමන් බිමන් යන්න ලැබීම. ඒක ඇරුනම රාජකාරියෙන් තෘප්තිමත් වෙන්න තවත් බොහොම සුළු දේවල් ටිකක් තියෙනව. කොහොමත් කාර්යාලය තුල හිර වෙලාම ඉඳල වෙනත් තැනක රාජකාරියක් යෙදුණම ඒක එක වගේ ගෙවෙන ජීවිතේට ලොකු වෙනසක් ගේනව.
මේ වතාවෙ මට යන්න පුළුවන් වුණා රාජකාරියක් වෙනුවෙන් බෝගහකුඹුරට. යන්න වුණේ හඳවල් තුනක් එක්ක. ලොක්ක තමයි 'චන්ද්‍ර', අනිත් දෙන්නා 'චන්ද්‍රිකා' සහ 'චන්ද්‍රානි'. තුන් දෙනාම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්. මම විතරක් මුකුත් දන්නැති බබා වගේ ගියා. හැබැයි රාජකාරිමය දේවල් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගන්න මේක අවස්ථාවක් වුණා මට. 2010 සැප්තැම්බර් මාසෙ 22 සහ 23 දිනවල සහ 2010 ඔක්තෝබර් 9 සහ 10 විධියට අවස්ථා දෙකකදි අපි බෝගහකුඹුරට ගිහින් 22 සහ 09 රාත්‍රීන් දෙකත් නැවතිල අපේ රාජකාරිය අවසන් කලා...
බෝගහකුඹුර කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් නුවර එළිය පැත්තට ටික දුරක් යද්දි තියෙන කැප්පෙටිපොල නගරයෙන් හැරිල හපුතල පැත්තට එද්දි හමුවෙන පුංචි නගරයක්. එහෙම නැත්තං හපුතලේ ඉඳන් බොරලන්න පහුකරලා බෝගහකුඹුරට එන්න පුළුවන්. බදුල්ලෙ ඉඳන් වැලිමඩට කිලෝමීටර් 23ක් විතර තියෙනව. එතන ඉඳන් බෝගහකුඹුරටත් කිලෝමීටර් 17ක් වගේ තියෙනව. මේ හරියෙ ඉඳන් හෝර්ටන් තැන්නට තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ බලපෑම දැණෙන දුරක්. බෝගහකුඹුරෙ ඉඳන් බොරලන්දට කිලෝමීටර් 7ක් වගේ සහ බොරලන්දෙ ඉඳන් හෝර්ටන් වලට කිලෝමීටර් 22ක් විතර තියෙනවලු. ඒ කියන්නෙ බදුල්ල නුවර එලිය සීමාව ආසන්නව නිසා බෝගහකුඹුර නගරය මුහුදු මට්ටමෙන් සැලකිය යුතු තරමින් උසකින් තමයි පිහිටල තියෙන්නේ. මගේ දැණුම අනුව වැලිමඩ සානුවේ හෝ ඒ ආසන්නවයි පිහිටීම තියෙන්නේ. ඒ නිසාම හෝර්ටන් තැන්න හරහා හමාගෙන එන හුළඟ බොහොම සැරට මේ පැත්තෙදි දැණෙනවා...
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්

නුගතලාව හන්දියෙ හෝටලෙන් උදේට පොල් රොටී |

බෝගහකුඹුර නගරයේ පිහිටීම |
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
මග දෙපස වගාව |
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
මීදුම් ගලා කන්දේ... |
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
තේ වත්තක් පසු කරමින් |
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
මේ ඈත පේන්නෙ වැලිමඩ සහ හැටන් පැත්ත වෙන්න ඕන |
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
යන අතරමග හාලි ඇල - වැලිමඩ අතර තැනක් |
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්
Saturday, 9 October 2010
කම්මැලිත්වය සහ ජෝන් ලෙනන්
මේ සටහනට කම්මැලිත්වය කියල නම දාල සතියක් විතර draft එකක් විධියට තිබුණා. කම්මැලිත්වය නිසා ඒක ලියන්න වුණේ නෑ. ඕන් අද දානවා අද දවස විශේෂ කම්මැලියෙක්ගෙ උපන් දිනයක් නිසා...
කම්මැලිත්වය කියන්නෙ අපි දන්න කම්මැලිකම, නැත්තං අලසකමටම කියන වෙනත් වචනයක් විධියට ගන්න පුළුවන්. ඒක කලින් අහල නෑ වගේ දැණෙන්නෙ එහෙම වචනයක් නැති නිසා. ඒ වුණාට වචනෙ වරදින්න විධියක් නෑ. ටිකක් විතර විධග්ගයි වගේ වුණාට ඒක සුන්දර වචනයක්...
කම්මැලිත්වය ගැන ලියන්න හිතුණේ පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් මම හෙනම කම්මැලියෙක් විධියට හිටපු එක ගැන කියන්න ඕන කරපු නිසයි. 2009 මැයි මාසෙන් බ්ලොග ලිවිල්ල නතර කරල ආයෙම 2010 සැප්තැම්බර් වල පටන්ගන්නකල්ම අතරින් පතර ඔය කමුබොමු, බයිස්කෝප්, ෆිට් එක සහ one|zero|zero වගේ බ්ලොග් වලට ලිව්ව මිස මම වෙන මුකුත් ලිව්වෙ නෑ...
ජාලයෙන් බාහිර මගේ ජීවිතේ ඒ කාලෙ ඇතුලත එක එක විධියට ගලාගෙන ගියත් ජාලය තුල අතරින් පතර එක්කෙනෙක්ට දෙන්නෙක්ට කමෙන්ට් දමමින් මම ගත කලේ පට්ට ලෙසම කම්මැලි ජීවිතයක්... ඇතිවෙන්න චිත්‍රපටි බලපු ඇතිවෙන්න සින්දු අහපු ඒ කාලෙ නම් තාම ඉවර නෑ. ඒත් බ්ලොග ලිවීම සඳහා කම්මැලිත්වය මැඩලා නැගී සිටින්න පටන් අරන් මම :P
ඒ වුණත් කිසි දෙයක් නොහිත ඇඳකට වෙලා පොතක් බැලීම, නැත්තං චිත්‍රපටියක් දිහා බලාගෙන ඉඳීම, නැත්තං ඔය කිසි දෙයක් නොකර දවසක් විතර නිදාගැනීම කියන දේවල් කම්මැලිකමේ ආසන්නතම ලක්ෂණ විධියට තාම මං සතුව තියෙනව. එයිනුත් නින්ද කියන්නෙ ජීවිතයේ මම ලබන උපරිම තෘප්තියයි.
කම්මැලිකම සහ නින්ද ගැන කියද්දි අනිවාර්යයෙන්ම බෙදාගන්න උවමනා කරන මගේ ප්‍රියතම සින්දුවක් තියෙනව.
The Beatles - I'm only sleeping
මේකෙන් කියවෙන්නෙත් කම්මැලියෙක් ගැන... මම දන්න තරමින් තේරුම් කරන්න බලන්නම්...
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈනුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා, හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි
පේන විධියට හැමෝම හිතන්නෙ මම කම්මැලියෙක් කියල
මට කමක් නෑ, මං හිතන්නෙ උන්ට පිස්සු
වේගයෙන් හැමතැනම දුවනවා...
උන්ටම තේරෙනකල් ඒකෙ කිසි වැඩක් නෑ කියල
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි
මගේ ජනේලෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මෙතනම වැතිරිලා සීලිම දිහා බලාගෙන
නිදිමත එනකල් මම ඉන්නේ
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි
මගේ කවුළුවෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈණුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි
පේන තේරුමට වඩා දෙයක් මේ සින්දුවෙ තියෙනව වුණාට ඒක කෙලින්ම කම්මැලිකමට අදාල නෑ. කොහොම හරි මේ කියන්නෙ නිදාගන්න එක පරම සුවය කරගත්ත කම්මැලියෙක් ගැන... මේක බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තියෙන තවත් එක සුන්දර සින්දුවක්.
.........
මුලින්ම කිව්ව අද දවසේ (ඔක්තෝබර් 09) විශේෂත්වය තමයි මේ සින්දුව කියන ජෝන් ලෙනන්ගෙ 70 වෙනි උපන් දිනය අද වීම. ඒක මට මතක තිබුණෙ නැතත් ගුගල් ඩූගල් එක වෙනස් වෙලා තිබුණම මට හිතුණා මේ සටහන ඔහු වෙනුවෙන් වෙන් කරන්න. කොහොමත් අර කම්මැලි සින්දුව මේ සටහනට ඇතුල් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණනේ...
ජෝන් ලෙනන් අපට හිටපු සංගීතමය මානව හිතවාදීන් කීප දෙනෙක් අතරින් ඉදිරියෙන් හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඔහු බීටල්ස් සමග කරපු නිර්මාණ දැනටත් සංගීතමය විප්ලව. ඔහුගේ සිහිනය වුණේ කවදාවත් උදා වෙයි කියල හිතන්න බැරි සුන්දර ලෝකයක්. ඒ වගේ ලෝකයක් බලාපොරොත්තු වෙන අය පිස්සො විධියට ගණන් ගන්න බව ඔහු දැනගෙන හිටිය.
කම්මැලිකම නැතිව මේ ලිපිය පල කරන්න පුළුවන් වීම ගැන මාර සන්තෝසයි....
Saturday, 2 October 2010
කසාදයක් කරගත් ගැහැණියක්…
මේක මට ලියන්න විශේෂ හේතුවක් නැතත් අපේ මරේ එක දිගට කාන්තා විමුක්තිය ගැන කතා කරද්දි මේක ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුණා. කතාව සත්‍යයි නම් ගම් මනඃකල්පිතයි.
සාවිත්‍රිගේ වයස අවුරුදු 27යි. බැඳල මාස හයයි. එයා දැන් මාස හතරක ගැබක් තියෙන, අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සුන්දර ගැහැණියක්.
අද උදේ සාවිත්‍රි වැඩට ඇවිත් හොඳටම ඇඬුවා. හේතුව කෙලින්ම අපට කිව්වෙ නැතත් අපේ ඕපදූප මීටර් වලට අහුවුණ විධියට කලින් දා රාත්‍රියේ සාවිත්‍රිගේ සැමියා ඇයට පහර දීල තිබුණ.
මේක ගැන යාළුවො ටික කතා වෙද්දි අපේ ලාබාල ගයාන් කිව්ව "සාවිත්‍රිටත් හැරිච්චගමන් එකක් දෙන්නනේ තිබුණේ" කියල.
එතකොට සුජානි මිස් කිව්වෙ "ඒ මිනිහ රළු හැඩිදැඩි මිනිහෙක්. ඒ නැතත් පිරිමින්ට එහෙම ගහන්නෙ නෑනෙ ගෑණු" කියල.
ආයෙ ගයාන් කියනව "ඒක තමයි ලංකාවෙ ගෑණුන්ගෙ වැරුද්ද" කියල.
මෙතන තියෙන්නෙ ගුටිකෑම හා ගුටි දීම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ පේන විධියට මේ යුවතිපතින්ට තියෙන ගැටළුව මොකක් වුණත් පළවෙනි කාරණය විධියට ගහ මරාගන්න ගානට ප්‍රශ්ණ ඇදෙන්න තරම් දෙන්න අතර අවබෝධයක් නැද්ද? ඊළඟ එක මේ දරුවෙක් දරාගෙන ඉන්න අම්ම කෙනෙක්ය කියන එක ඒ තාත්තටම අමතක වීම මාර අවුලක් නේද?
ඇත්තම කතාව ඒකත් නෙවෙයි කියලයි අපි තර්ක කලේ... මේ විවාහය මොකක් වුණත් යෝජිත විවාහයක් වෙන්න ඇති. නැත්තං තමන් ජීවිත කාලෙම ඉන්න කියල කසාද බඳින මනුස්සයගෙ හැටි ස්වභාවය නොදැන ඉන්න විධියක් නෑනේ ප්‍රේම කරල විවාහ වුණා නම්...
යෝජිත විවාහයකින් පස්සෙ දෙන්න තම තමන් ගැන හරියට අඳුනගන්නෙවත් නැතිව ළමයි හදන්නත් කල්පනා කරලා... දැන් තමයි කසාදෙ රඟේ තේරෙන්නේ. ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරයිනේ.
කසාදෙකදි අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ වැදගත්ම සාධකය කියලයි මම නම් දන්න තරමින් හිතෙන්නේ. ප්‍රමාණවත් අවබෝධයක් නැතිව ඉදිරි පියවර තිබ්බොත් අවුලක්. හරියට කඹයක් උඩ ඇවිදිනව වගේ වැඩක් ඒක.
මම මේක මේ තරම් දෙයක් කරගත්තට ඇත්තටම මේක මේ තරම් දරුණු නැතිව ඇති. සමහර විට අද රාත්‍රියෙ සාවිත්‍රිගෙ සැමියා එයාගෙන් සමාව අරන් වැඳවැටිල ෂේප් වෙලා දෙන්න කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල කෑම ගන්නත් ඇති. නමුත් එහෙම වුණාය කියල මේ වුණ සිදුවීම ලෝකෙ ඕනම තැනක ආයෙ සිදුවෙන්නෙ නෑ කියන්න බෑනේ....