Monday, 9 March 2009

උළුපුව රත් වූ නිසා...

දවසක් දෙකක් මුළු රැයක් පුරා චිත්‍රපටි බාද්දි මගේ උළුපුව හොඳටම රත්වෙනව කියල මට තේරුණ. ඒකට කරන්න තිබුණෙ රත්වීම වලක්වන ක්‍රමයක් හොයාගන්න එකයි. නමුත් heat sink එකක් වගේ දෙයක් හොයාගන්න තිබුණෙ නෑ. මට මතකයි කවුදෝ බ්ලොග් මිතුරෙක් හොඳ ඇලුමිනියම් heat sink එකක් හයි කරල වැඩේ කරගෙන තියෙනව ලියල තිබුණ. ඒ යාළුවව දැන් මට මතක නෑ. මේක කියෙව්වොත් අදාල සටහනට link එකක් දෙන්න comment එකක් විධියට.

කොහොම හරි මට එහෙම එකක් හොයාගන්න ලැබුණෙ නෑ.

කුස්සිය පැත්තෙ යවුමක් දාද්දි තිබුණ ඇළුමිනියම් කෝප්පයක්. ඒක ගෙනත් උළුපුව උඩ තිබ්බා. එතකොට වැඩේ හරි ගියාට කෝප්පෙත් එකසිය ගානට රත් වෙනව. ඉතිං මොකද කලේ. දැම්ම කාලක් විතර පිරෙන්න වතුර. ඊට පස්සෙ ඔන්න නියමෙට වැඩ. උළුපුවත් රත් වුණාට දැන් සෑහෙන්න අඩුයි.

ඉතිං වැඩේ හරි. වතුර ටික වාෂ්ප වෙද්දි තව ටිකක් දාන්න විතරයි තියෙන්නේ. හැබැයි වතුර දාන්න ගිහිල්ල හලාගත්තොත් නාන්නයි වෙන්නේ.


upuluwa

6 comments:

  1. අදහස හොඳයි.රත් වෙන එත අඩු වෙනව ඔය ක්‍රමේට. ඒත් බලාගෙන ජල වාෂ්ප නිසා හරි අතපසු වීමකින් ‍කෝප්පය පෙරළුනොත් හරි වතුර ඇතුලට කාන්දු වුනොත් ලොකු හාණියක් වෙන්නෙ.

    ReplyDelete
  2. ගල් තුනක් තියලා පියනකුත් දාලා හිටියා නම්? ;) තේ කෝප්ප ගානක් බොන්න බැරියැ?

    ReplyDelete
  3. මම හිතුවෙ USB හීටරයක් කියල..එහෙම එවත් තියෙනව නොවෑ ..

    http://www.instablogsimages.com/images/2008/03/17/usb-heater2_1333.jpg


    තේකක් හදාගෙන උනුවටම බිව්ව හැකි

    ReplyDelete
  4. උළුපුව කියන්නෙ මොකක්ද ? router එකද ?

    එහෙම කියන්නෙ ඇයි ?

    ReplyDelete
  5. හික් හික්... නියම හීටරයක් නෙ... මේකෙත් තියෙන්නෙ පොඩ්ඩක් ඔය වගේ වැඩක් තමයි...

    http://myworldmywaysmyideas.blogspot.com/2009/01/modem-hunting-in-senkadagala.html

    ReplyDelete
  6. රත් වෙන වතුර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවොත් මොකද වෙන්නෙ මම කියන්නෙ මූන හෝදනව වගේ දෙයකට ....

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!