අදහස් ගොන්නක් හිතේ තියාගෙනයි මේ සටහන ලියන්නේ... මේක ඉලාස්ටික් වෙන්න ඉඩ තියෙනවා. ඒත් ලියන්නම ඕන.
අද (2008-10-14) මම මගේ පෙම්වතිය එක්ක කොටු ගැහුවා.. රවුම් නෙවෙයි. ඒ කියන්නේ පරිමිත විවිධ බහු අස්‍රාකාර හැඩ ඔස්සේ අපි අද ඇවිද්දා. කිලෝමීටර් ගානක් වටේම මිනිස්සුන්ව ඉරිසියාවෙන් සහ හීනමානී දුප්පත්කමින් පුපුරවමින් අපි අපේම පුංචි Portable LAN එකක් හදාගෙන දෙඩෙව්වා. බස් කීපයක් පුරා දොඩමලු වුණා. ආයෙත් කාලෙකට ගන්න බැරි දේවල් සහ අවස්ථා ගොඩක් අද අපි අහිංසක විධියට භුක්ති වින්දා. මම ආයෙත් ඇයගෙන් පිරිලා දැන්....
ඇය සමුඅරන් ගියාට පස්සෙ මම ඇයට කවියක් කෙටුව. මේ තියෙන්නෙ නැවත සංස්කරණය කරපු එකක්.
නුඹේ අත්
පොකුරු මත
මා දමා ආ
මගේ අත
නැතිවත්
මා පූර්ණයි
සිත පුරා පිරි
නුඹේ මතකින්
දන්නැද්ද මඤ්ඥං වුණාම ලියවෙන ඒවා ;)
අපි දෙන්නා පෝයට වහපු වාහන හදන ස්ථානයක ආවරණය පැතුවා වැහැපු වෙලේක. වැස්ස පායලත් පැය බාගයක් යන කල් අපි කතා කලා බොහොම දේවල්. අපේ මහගෙදර විප්ලවවාදී කවියා ගැන කතාවක් ඇදුණු වෙලාවක අපිට මාතෘකාව විධියට ආයෙත් විප්ලවය ආවා.
තනි තනි මිනිස්සු වෙනස් නොවී මොන තරම් මූලධර්ම වලින් විප්ලව කලත් පලක් නෑ. මේ කියන විප්ලවයෙන් පස්සෙ ආයෙත් තියෙන්නෙ පරණ පාලන ක්‍රමයමයි. වෙනස් ලොක්කො ටිකක් ඇවිත් වෙනස් දර්ශණයක් එක්ක. එයාල එක පරම්පරාවක් ඕක කරයි. ඒත් මේ පොදු මහජනයාගේ කුහක කම් සහ පොදු තෘෂ්ණාව එක්ක කවදාවත් කතිකාමය විප්ලවයෙන් සර්ව සාධාරණ සමාජයක් කෙසේ වෙතත් ටිකක් ෂේප් එකක් වත් ගොඩනගන්න බෑ.
මට මතක් වෙන්නෙ 1984. මේක ජෝජ් ඕවල් ලියපු පොතක්. මම කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය. මේකෙ කියවෙන්නෙ විප්ලවයක් හරහා සමාජවාදී අන්තයකට ගිය සමාජයක් ගැන. ඕන නම් පොත හොයාගන්න. මගේ චිත්‍රපටි බාන මිතුරාට කියල මමත් චිත්‍රපටිය හොයාගන්න ඕන බලන්න.
විප්ලවයක් අපට ඕන. ඒක දැනුමේ විප්ලවයක්. සිතිවිලි විප්ලවයක්. මිනිස්සු හිතන විධි වෙනස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් විධිමත් පිලිවෙලක් සම්මත වෙන්න ඕන. ඒක කවදාවත් නොවෙන නිසා විප්ලවයක් කියලා හැමදාම අපිට වචන ටිකක් විතරක් තියෙයි.
මිනිස්සු තමා හිතන විධියට හුරු වෙලයි ඉන්නේ. පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ පිරෙන නා නා විධ දේවල් නිසා ඇත්ත නිවැරදිව දකින්න තියෙන හැකියාව මොට වෙලයි තියෙන්නේ මිනිස්සුන්ගේ. ඇත්තටම කිව්වොත් මාත් එක්කම. මම අර සම්පත් කිව්ව වගේ මගේ මොලය හෝදමින් ඉන්න අවධියක් තමයි දැන් පසුවෙන්නේ. ඒකෙදි මට මගේ මොලේ ඇතුලෙ හිර වෙලා තියෙන මල විකාර එක එක අහු වෙල, මම ඒව විනාශ කරල තියෙනව ඕන තරම්.
මම පහුගිය දවසක වුණ සිද්ධියක් කියන්නම්. අපේ ආයතනයට අමු ද්‍රව්‍ය සපයන ආයතනයේ වෙළඳ නියෝජිත මහත්මය (x ලෙස ගමු) දවසක් අපිත් එක්ක දුමකට සෙට් වුණ වෙලාවක අපි ජීවිතේ ගැන කතා කලා. මේ පුද්ගලය විවාහ වෙලා වැඩි කාලයක් නෑ. ඒ අපි දන්න තරුණියක් එක්ක. x කියන්නෙ කන බොන දේවල් මගඅරින විධියෙ කෙනෙක් නෙවෙයි. ජීවිතය ජොලියෙ ගෙවන්න ආස කෙනෙක්. ටික ටික ගෙවන්න වාහනයකුත් අරන්. අපට වඩා හොඳින් ඉන්නව වගේ පේනව. ඒ වුණාට අපට තියෙන ආර්ථික මැසිවිල්ල එයාටත් තියෙනව. එයාට අපට වඩා තියෙනව වගේ. වාහනේට ගෙවන්න මාසෙකට රුපියල් 40,000ක් අනිවාර්යයෙන් ඕනලු. ඊට අමතරව නඩත්තු වියදම් වුණත් එහෙමයිලු. x මේ කතා කියමින් අපිත් එක්ක කතා කලා.
ඒ අස්සෙ එයා මෙහෙම කිව්ව.
"මොනව වුණත් අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න විධිය වෙනස් කරන්න අමාරුයිනේ බං"
ඒක x ගේ අදහස. මට හිතෙන්නේ මේ වෙනස් නොවීමයි අවුල. අපි අපේ උවමනාව වටහා ගන්නෙ නෑ. ඒ අනුව වෙනස් වෙන්නෙත් නෑ. කලිනුත් කිව්ව වගේ අපි පුරුදු වලට ඇබ්බැහි වෙලා තව තව දරුණු ලෙස පුරුදු වලට ඇබ්බැහි වෙමින් ඉන්නව. මේ පුරුදු වෙනස් කරල මිස විප්ලවයක් ගැන හිතන්න බෑ. ඇත්තටම අපි වෙනස් වීම ගැන හිතන්නවත් කැමති නෑ. හිතන විධියත් (Pattern) අපි පුරුදු කරගෙන ඉන්න නිසා විධිමත් හැදෑරීමකින් මේ ගැන කතා කරල විසඳගත්තොත් මිස වෙන විසඳුමක් මට පේන්නෙ නෑ.
ඕන නම් මේ සේරමත් දාර්ශණික සහ ආගමික තර්ක තුල දිය කරන්න පුළුවන්. ඒව තුල තියෙනව හිත සනසන ධනාත්මක චින්තනවාදී අදහස් ඕන තරම් මේ වගේ විකාර නොහිතෙන්න.
මේ කවිය ලිව්වෙ ගනේගොඩ විමානේ සිට...
වෙනස් වීම
නුඹ වෙනස් වන්න
ලෝකය වෙනස් කරන්න
උස් මිටි භේද නැති
දුප්පත් පෝසත් වෙනස නැති
අද අපගේ සිහින තුල ඇති
ලොවක් බිහි කරන්න
නුඹ වෙනස් වන්න
...
..
.
ඒත් ..
නුඹ වෙනස් නොවේ
නුඹට වෙනස් වීමට ඇති
අවස්ථා සියල්ල
කරුමයටත්
දෙවියන්ටත්
ඉගැන් වූ බොරු වලටත්
යට කර
එයටම ඇබ්බැහිව
වෙනස් වනු නොහැකිව
නුඹ ලෙසම හිඳින නුඹ
කෙදිනකවත්
වෙනස් නොවේ
කුණු වෙමින්
නොවෙනස් ලොවක
© හරේෂ් එරංග
2008-10-02
෴

ඕන්න මම කියෙව්වා !
ReplyDeleteහෑම දේම කලමනාකරනය කරගත්ත්නම් ජිවිත්ය ලස්සන කරගන්න පුලුවන් !
ඔයා පෙම්වතිය එක්ක කොටුද ගෑහෑව්වෙ? , රවුම් ගෑහෑව්වනම් ෆයී = 22 / 7 කියලා ගන්න වෙන හින්දද රවුම් නොගෑහෑව්වෙ ? :-)
kohe balannada appa awakaashe sari saraddi :D
ReplyDeletemehemane aiya.....awashyatha podui/seemithai...wuwamana wiwidaakarai.....aseemithai
anik eka gana nam ara mr boman kiwwa wage dukak danenne nathtam, hitha sahallu wenawanam waradak kiyanna ba itin:)
සිතිවිලි විප්ලවයක් ගැන කරපු සඳහන හරිම වැදගත්. එහෙම දේවල් හිතන අය ඉන්නවා කියලා දැනෙන කොටත් සතුටක් තමයි.
ReplyDelete