අද 2008-08-14 වෙනිද... අද මම වැඩ!
මේක අද සම්පූර්ණ වුණාට ලියවුණේ ඊයෙ දිනයට අදාලව. කාලය පිළිබඳ ගැටළුවක් නෑ. අද හෝ ඊයේ... තවත් එක මානසික කාල ඇදිල්ලක් විතරයි... ඉතිං මේ අද හෝ ඊයෙ සිදු වුණ මගේ ජීවිතේ සිදුවීම් වැලක්....
අද, ඒ කියන්නෙ 2008-08-13 වෙනිදත් මම පිට පිට තුන් වෙනි දවසටත් නිවාඩු! මහ වීර කමක් නෙවෙයි. උදේම ඇහැරුණත් කම්මැලි කමට නිදාගත්ත. දහයට විතර නැගිටල එහෙ මෙහේ විසි වෙවී ඉද්දි කවි දෙකක් ලියවුණ. කඩදාසි කෑල්ල සාක්කුවෙ දාගෙන මම කරු හෙවත් ප්‍රසාද්ට කතා කලා. අද කොහොමද බන්? කට්ටිය ඉන්නවද අම්බානක? කරු ඉතින් සුපුරුදු ස්වරයෙන්ම කිව්ව ඒ තරම් නෑ බං. උඹට ඕන නම් හිටපං
ආයෙ මොනවද? පොතක් අරන් කියවන්නත් හිතක් නෑ. සින්දු කොල කෑලිවගයක් ක්‍රමවත්ව පොතක ලියල තියාගැනීමේ අතරමග ඇන හිටල තිබුණ ව්‍යාපෘතියක් මතක් වෙල ඇදලගත්ත ආයෙත්. ඒත් ලියන්න වුණේ නෑ. ඒ අතරෙ අබා මතක් වූණා. ක්වින්ලන් එකේ බඩු 4.15ට. වහාම 3.30ට එලාම් තියල නිදාගත්ත. හරියටම වෙලාවට නැගිටල නුගේගොඩට ගිහින් උදේටයි දවල්ටයි දෙකටම හරියන්න පිටි ගුලියක් ගිල්ල. එළකිරි බෝතලයක් එක්ක.
4.05ට විතර හෝල් එක ගාවට යද්දි කවදාවත් මම ක්වින්ලන් එකේ නොදැකපු සෙනගක්. කෙල්ලො කොල්ලො සහ පවුල් පිටින්. මට මාර සතුටක් දැණුන. ඒ වෙනකොටත් කලින් දර්ශනය ඉවර වෙලා මිනිත්තුවක් ඇති. බලපු අය හෝ ගාලා එනවා එලියට. ටිකට් කවුන්ටර ඇරලත් නැති නිසා ටිකක් එළියට වෙලා ඉන්න වුණා.
අන්තිමේ ඇතුලට යනකොට පසුබිමින් යන්නෙ Elephant foot සෙට් එකේ දළු. අපේ EK Gadol මතක් වුණා මට. එයාලගේ rain forest හොයල දෙනව කිව්ව මලී ගැන පුෂ්පදාන පාරමිතාව පිරෙන්න කලින් මම දළු වලට වහ වැටුණ. මම ODI කොටස අවසන් වෙන ඉදිරි පෙලේ ඉඳගෙන හරිබරි ගැහුණා. මට දැණුන මට පිටිපස්සෙන් මුළු ශාලාවම පිරිල තියෙන බව කවදාවත් නැති තරම්. මාර සතුටක් ආයෙමත් දැණෙන්න ගත්ත. ඒක තීවෘ වුණා මිනිස්සු සේරම ඒ විධියට ගත කරපු විනාඩි ගාන පුරාවටම දළු වලට වශී වෙල වගෙ හිටපු නිසා. මේ නිර්මාණ එතන හිටපු අයගෙන් කී දෙනෙක් අහල තියෙන්න ඇද්ද ඊට කලින්.
ඔන්න අබා පටන්ගත්ත. මොන.. ඒක විෂබීජ නාශක සබන් දැන්වීමක්. විනාඩි 10ක විතර කෙටි චිත්‍රපටියක්. මම ඒ ප්‍රචාරණ ක්‍රමවේදය දැක්කමයි. කොහෙද, හෝල් වලට යනවයැ දැන් පික්චර් බලන්න. කොහොම නමුත් Matrix ක්‍රමවේද භාවිතා කරල නගරය වනසන විෂ බීජ වලට පහර දෙන ළමා සොල්දාදුවො ටිකක් ගැන තමයි ඒ ඇඩ් එක. විෂබීජ වලට මාර බයක්නෙ මිනිස්සුන්ගෙ ඔළු වල හදන්න යන්නේ. සබන් නොගාන එවුන් ඕන තරම් ඉන්නවා යහතින්!
ෂිට් මේ පාර ලිස්සනවා අනේ....
ඉතිං අබා!
මේ දෘෂ්‍ය කැබැල්ල අපේ Designer255 යාළුවට හමුවෙල තිබුණ. හබරාගේ සින්දුව කියල.
Habara song - From the movie ABA
මම හිතන්නෙ මේක චිත්‍රපටිවලට ආස කරන ඕන කෙනෙක් බලන්න වටින එකක්. ගෙවල්වලට වෙලා වැල්බයිල බලන අය අනිවාර්යයෙන් නැරඹිය යුතු වර්ගයේ එකක්. එයාලට පුංචි වෙනසක් ගේන්න සමත්වෙයි වැඩිය එහෙ මෙගෙ කළඹවන්නෙ නැතිව.
මම මට යන්තම් දැණෙන කාලෙදිම බලපු බටහිර වීර කතා වලින් සහ කාටුන් වීර කතා වලින් උන්මාද වෙලයි හිටියෙ. මේ වීර කතා එක්ක 6 පන්තියෙ ඉඳන් වැදිල තිබුණ දුටුගැමුණු (හික්!) කතාව මම හොඳටම කික් වෙලයි තිබුණෙ. මම කල්පනා කලා ලංකාවෙ එහෙම චිත්‍රපටි හදන්න බැරිද කියල. දුටුගැමුණු කතාවම හෝ දුටුගැමුණු රජතුමාගෙ යෝධයො සෙට් එක ගැනම වුණත් වෙනම කතා හදන්න තරම් ඒ මූලාශ්‍ර සාහිත්‍යයෙන් පෝසත් කියල මට හිතුණ. ඒ වගේම බටහිර වීරකතා වල තියෙන විධියෙම ත්‍රාසය සහ වීරත්වය වෙනත් අවශ්‍ය කරන හැඟීම් එක්ක (දේශානුරාගය, නැගී සිටිම හෝ වෙන ඕන මගුලක් මිනිස්සුන්ව මේ වලෙන් නැනෝමීටරයක් උඩට අදින) මේ කතා පුවත් නිර්මාණය කරන්න පුළුවන් කියල මට හිතුණ.
කොහොම හරි ජැක්සන් මගේ ඒ හීනය සැබෑ කරන මුල් පියවර තියලා. මේක හැමෝම කියනව වගේ ලංකාවෙ චිත්‍රපටි ඉතිහාසයේ ලොකු පියවරක්. හරි විධියට කොපි කරනව නම් කාටත් හොඳ අවස්ථාවක්.
මේ ගැන විවිධ මති මතාන්තර පල වුණා. මම දැක්ක පත්තරේ තියෙනව මේ පණ්ඩුකාභය කතා පුවතම මහාවංශ කතුවරයගෙ වියමනක් විතරයි කියල. ඒ හරහා ඒ ලිපිය ලියපු කෙනා මේ චිත්‍රපටිය වැඩක් නෑ කියල කියන්න උත්සාහ අරන් තිබුණ.
මම කියන්නෙ ඒ බයිල වැඩක් නෑ. මේක Brave heart වගේ, නැත්නම් Troy, Patriot වගේ චිත්‍රපටි මාලාවක ඇරඹුමක්. මිනිස්සුන්ගෙ නිදාගෙන ඉන්න හැඟීම් නැවත සුළු මොහොතකට හරි (ඒ ගැන කතා ඕන නෑ. කතා කරන මම මෝඩය නිසා තවමත් කියවනවා.) මිනිස්සුන්ට විඳින්න සලස්වන්න පුළුවන් නම් හරි.
මම හිතන්නෙ අබා ඒ අතින් සාර්ථකයි.
රවීන්ද්‍ර රන්දෙණියගෙ පණ්ඩුල චරිතය මට මතක් කලේ Lord of the Rings ත්‍රිත්වය. ඒකෙ වරදක් නෑ. නිකන් හැමදේම පාලනය කල හැකි ගැලවුම්කාරයෙක් වගේ හැඟීමක් දැණෙනවා ඒකෙන්. මේ චරිතයමයි Kung Fu Panda එකේ මහලු ඉබි පූජකයාගෙ චරිතය.
හබරා හෙවත් සෞම්‍ය ලියනගේ කවදත් කියන්න දෙයක් ඉතිරි නොකරන නළුවෙක්. දුලානි අනුරාධා මාව වශී කලා. එයාගෙ පින්තූර වගයක් අපේ මහගෙදර දාල තියෙනව දැක්ක. රඟපෑම් නම් හදාගන්න වෙයි.
නදීකගේ සංගීතය හරහා මේ චිත්රපටියෙ වටිනාකම සැලකිය යුතු තරම් වැඩි වෙලා තියෙනව. ඇඟට දැණෙන මූලධර්ම සංගීතයක් එක්ක අපූරුවට ගැලපුණ රූපාවලියක් කැමරා අධ්යක්ෂ සුමින්ද වීරසිංහ මහත්තය මවල තියෙනව. සංස්කරණය ගැනත් මට නම් කියන්න දෙයක් නෑ. පැය දෙක හමාරක විතර කාලයක් තුල අවශ්‍ය සිද්ධි ටික සාර්ථකව කැටි වෙල තිබුණ.
අන්තිමට මට කියන්න තියෙන්නෙ හැමෝම මේක බලන්න කියලයි. ඒක වරදක් වෙන එකක් නෑ අනිවාර්යයෙන්ම.

හරේෂ්ගෙ විස්තරේට හිත ඇදිල යනව චිත්‍රපටයට..අනිවාර්යයෙන්ම බලන්න යන්න තමයි ඉන්නෙ. මමත් ක්වීනලන්ඩ් එකේ තමයි බලන්නෙ.
ReplyDeleteමම ත් බලන්න කියල වැඩ ඇරිල එහෙම ලෑස්ති උනා...ඔන්න මම යනව කිව්වාම අම්මයි අප්පච්චියිත් යන්න ඔනෙ කිව්ව...ඔය මදිවට අම්ම මගදි යනකොට කියාපි නිමානි(මගේ නෑදෑ නංගි කෙනෙක්) යන්න ආසයි කිය කිය හිටියෙ කියල ඒකිවත් දාගෙන යමු කියල...ඔය ඔක්කොටම විනාඩි 15 විතර පරක්කු උනා...හහා පුරා කියල යනකොට sinestar film hole එක ගාව වාහන කැටියයි..මම වහනෙ පැත්තකට කරල temporary නවත්වල ticket counterරේට දිව්ව...මැදෑ...house full...ඔය මම දැක්කමයි..මෙහෙ house full වෙනව...එනකොට vehicle park එකේ කොල්ල එන එන වාහන හරව හරවා යවනව...අන්තිමට හතර දෙනාම alankulama family backers එකට ගිහින chicken bun එකයි උළුදු වඩයයි කිරි තේකයි ගහල ගෙදර ආව...ඔන්න ඉතින් මගේ අබා බැලිල්ල.....මොනා කරන්නද...අයෙ දවසක වත් බලමු....
ReplyDeleteමේ වෙලාවට අබා තියා පබාත් නැද්ද කොහෙද...කලිනුත් අබා බැළුව කෙනෙක් ගේ අදහස් කියවලා තිබ්බා..ඒ නිසයි මං දන්න යාළුවෙක්ගේ ඡැක්සන් වර්ණාව නිසයි මමත් බලන්න යන්න හිතන් ඉන්නේ. ෆිඩ් ගේ ලිපිය ඒ ආසාව තව වැඩිකලා....යනවා බලන්න අනිවාර්යෙන්ම....
ReplyDeleteඅනේ ඉතිං ඇයි මට ප්‍රසිද්ධියේ මඩ ගහන්නේ? පව් නැද්ද අනේ ?
වනන්තරේ මේ දවස් වල කාන්තාරේ වෙලා තියෙන්නේ...හොයන්න නැතෝ....!:-(
oya kiyanne naleen de silva "widusara" ta daala thiyana eka ganada?? :)
ReplyDeletemaath yanna ona balanna. september walath pennai ne needa?
oh mama parker :)
ReplyDelete@haresh-සැවෝයි නම් තියනව :P දැන් ඉතින් පර්ස් එකටත් ගමනටත් පහසු තැනක් තමයි යොදාගන්නෙ. සැවෝයි එකයි,එම් සී එකයි CIMA පන්තියි අස්සෙ ගෙවුණ සුන්දර අතීතයක් තමයි අරක.
ReplyDeleteකොහොමත් මගෙ ලොකු ආසාවක් තියනව දවසක ඒ කාලෙ රස්තියාදු ගහපු තැන්වල ආපහු සැරයක් ඇවිදලා එන්න.එදාට වමනෙ පාරකුත් දානව හිතුනොත්.
මම හිතන්නෙ මෙහෙමයි....
ReplyDeleteජැක්සන් අබා හැදුවම පල්ලියේ ලේබල් එකක් වැදුනා....ඒක ආගම් වාදය...මම අද හවස යනවා අබා බලන්න... හිහි
freed සිහින මවපු විදියට දුටු ගැමුණු කතාව හැදුවොත්???මහා වංශයෙත් වැඩි ඉඩක් දීලා තියෙන්නෙ දුටු ගැමුණු,එළාර යුද්දයට.එතන සිංහල දෙමළ ජාති වාදය තමයි දේශානුරාගයත් එක්ක තියෙන්නෙ.හැබැයි ඒ කාලයට ඒක සිංහල දෙමළ ජාති වාදයක් නෙමෙයි.මොකද එදා මේ රටට දෙමළු ආගන්තුකයින්...ඒ නිසා දුටු ගැමුණු-එළාර යුද්දය එදා රටට සේවයක් වුනා.මොකද එහෙම නොවුනා නම් ශ්‍රීලංකාවට දැන් උතුර අයිති නොවෙන්න තිබුණා..ඒක එතනින් ඉවරයි... දුටු ගැමුණු-එළාර යුද්ධය අදට අවශ්‍ය වෙන්නෙ ඇයි?.. අපි අපේ රටේ ඉතිහාසය දැනගෙන සිටිය යුතු නිසා..නමුත් 70 න් පස්සෙ බිහි වුණු කීදෙනාද අපේ ඉතිහාසය දන්නෙ??එදා පාසල් අධ්‍යාපනයෙ අනිවාර්ය විෂයක් වුණ ඉතිහාසය අද අමතර විෂයයක් පමණයි..නමුත් 2006 න් පස්සෙ ඒක වෙනස් වෙමින් පවත්නවා..ප්‍රශ්ණය මේකයි අපේ වර්තමාණ පරම්පරාව සමස්තයක් විදියට ගත්තොත් ඉතිහාසය දන්නෙ නැහැ..
බැරි වෙලාවත් දුටුගැමුණු-එළාර යුද්ධය චිත්‍රපටයකට නැගුණොත් ඇතිවෙන්න පුලුවන් මොන වගේ තත්වයක්ද?? අබාට ආගම පැටලුනේ යම් සේද එළාර දුටු ගැමුණු යුද්ධයට ජාති වාදය පැටලෙන්න පුළුවන්..දන්නවානේ අපේ මෑත ඉතිහාසය...පාට කණ්ණාඩි,කළ දුටු තැන වල ඉහ ගැනිම සහ තම තමන්ගේ පවුද්ගලික න්‍යාය පත්‍ර...
මොකද හිතන්නෙ ඒ ගැන???