පහුගිය දෙවෙනිදා අවසන් මියැසි තටාකයට යන්න අවස්ථාව ලැබුණා ඉතාම හදිසියෙන්. නොහිතපු විධියට අපි කට්ටියකටම. පුදම පූර්ණ වීමක්! මගේ ඊ මිත්‍රයා සම්පත් කියන මනෝ කන්ද මගේ ඉදිරියේ මැවුණා ඉක්මනට නගින්න ලෝබකමකුත් එක්ක..
හැමෝම අනිවාර්යයෙන්ම ලොකු වින්දනයක් ලැබුව කාලෙකට පස්සේ. සිරස කරන බොහෝ දේවල් යම් විධියකින් වෙනස් විය යුතු බව මම හිතුවත් මේ ගැන නම් හොඳ කතා කරන්න වෙනව. මෙහෙම දෙයක් පටන් ගත්තෙත් සිරසමනේ. අනිත් අයට බැරිව ඇති පාඩු විඳගෙන මේව කරන්න.
මේක ගැන කතාකරද්දි අපට විඳින්න වුණ අමිහිරි අත්දැකීම් කියන්න ඕන. වැඩ ඉවර වෙලා අපි මහරගමට යද්දි වෙලාව 8ට විතර ඇති. තරුණ සේවා සභාවේ ප්‍රධාන ගේට්ටුව ගාව එසකසිය පණහක් විතර පොදි කනවා. එයාලට ටිකට් නෑ. අපි ටිකට් අරන් තිබුණ නිසා සෙනග පීරගෙන යන්න පුළුවන් වුණා ඇතුලට. අපි ඇතුලට යද්දි එතන පොදි කන කොල්ලො කීපදෙනෙක් කිව්වා ඇතුලට ගිහින් මේ බව කියලා එයාලව ඇතුලට දාන්න කියලා. හික් හික්.. එතන සංවිධායකයො වෙනුවට හිටියෙ පොලිසිය. යන්තම් අපේ වයස වගේ පොඩි පොලිස් කොල්ලෙක්ට මම කිව්වා "මෙයාල ගැන සලකන්න අයියේ කියලා" එයා කියනවා "අපි දන්නව බං සීන් එක. අපි මොනව කරන්නද?" කියලා.
ප්‍රධාන ශාලාවේ ඉහල මාලයෙන් තමයි රුපියල් 200 ටිකට් වල ඇතුල්වීම තිබුණේ. ඒත් එතන හිටපු ආරක්ෂකයො කිව්වා "පහලට යන්න. මෙතන වහලා" කියල. පහලට යනකොට එතනත් 4-5 දෙනෙක් පොදි කනවා. ටිකට් තිබිලත් ඇතුලට ගන්නෙ නෑ. අපිත් එතනට ගියාම එතන හිටපු තග් ඇඟක් තිබුණ අයිය කෙනෙක් දැම්ම සාර්ථක පොර ටෝකක්.
"ෂෝ එක පටන්ගන්නෙ හතට. ඔයාල පරක්කු වුණා නම් කරන්න දෙයක් නෑ. ඇතුලට ගන්න බෑ." කියලා.
මම ඇහුවා මේක නාට්‍යයක්ද කියලා. අරහෙ අම්බානක මිනිස්සු කයිය ගහන සද්දෙ. සංගීතය පිරිල තියෙද්දි පරක්කු වෙලා ඇතුල් වුණා කියල කාට බාධා වෙන්නද?
තවත් කට්ටිය වට වෙලයි හිටියෙ. එයාල කියනව උඩට ගිහින් කතා කරන්න කියල. අපි කිව්ව අපට පණිවිඩකාරයො වෙන්න බෑ කියල. අන්තිමේ තවත් ගෙම්බර් ටිකක් බලල අපට උඩ දොරෙන් ඇතුල් වෙලා හිටගෙන බලන්න පුළුවන් වුණා.

අඩේ හිටගෙනද හිටියේ හොදම වැඩේ සාධු...!ඔනි නැති තැන් වල රිංගන්න යනවට!!හික් හික්
ReplyDeleteඅප්පට සිරි ඒච්චරටම සෙනග ද?
ReplyDeleteතාම මට බලන්න යන්න බැරි උනානෙ